ඔන්න එහෙනම් ගොඩාක් කාලෙකට පස්සේ
බ්ලොග් පොස්ට් එකක් දාන්න හිතුනේ. Campus ආවට පස්සෙම දාන පලවෙනි බ්ලොග් පොස්ට් එක
මේ... අපේ Course එකේ පලවෙනි අවුරුද්දේදී අපි කණ්ඩායමක් විදියට Hardware Project
එකක් කරන්න ඕනි. ඒ අනුව අපි Microcontrollers වලින් වැඩ කරන නව නිපැයුමක් කරලා
පෙන්නන්න ඕනි. කොහොමහරි Project Presentation එහෙම කරලා එකක් Approve කරගත්ත
කියමුකෝ. ඊළඟට වැඩේ මේක හදන්නත් ඕනිනේ. මට ඒ දවස්වල ඉදලම Electronics පැත්ත එපාම
කරපු එකක්... එත් ඉතින් එහෙම කියලත් බෑනේ.. මේක කරන්නත් එපැයි. ඔය නිසා මං ඒවා ගැන
හොයන්න ගත්තා... ඉතින් මම ඉගෙනගත්ත ඒවා ටිකක් තමයි මම මේ Microcontroller
කුප්පියෙන් කියල දෙන්න හිතුවේ...
ඉස්සෙල්ලම Microcontroller එකක්
කියන්නේ මොකක්ද කියල මම කියල දෙන්නම්... MIcrocontroller එකක් කියන්නේ පරිගණකයක්
වගේම අපි දෙන උපදෙස් වලට අනුව Inputs සහ Outputs පාලනය කරන පරිපථයක් වගේ එකක්. ඒ
වගේ ක්ෂුද්‍ර පරිපථයක් පොඩි IC එකක දාල එවන එකක් තමයි Microcontroller එකක්
කියන්නේ... අපිට පරිගණක භාෂාවක් පාවිච්චි කරලා මේ Microcontroller එක Program
කරන්න පුළුවන්... මම මේ පාඩමෙන් කියල දෙන්නේ Atmega කියන Micro Chip සමාගමෙන්
නිකුත් කරන Microcontroller වර්ගය Atmel Studio වැඩසටහන භාවිතයෙන් Program කරලා
භාවිතා කරන හැටි ගැන... Robotics වලට එහෙම ආස අයට නම් මේ පාඩම් මාලාව ගොඩක් වැදගත්
වේවි. ඔයාල Arduino වගේ කරන්න හිතන් ඉන්නවා නම් ඒකට ප්‍රවේශයක් ගන්න Atmel තමයි
හොදම දේ. මොකද Arduinoවල යොදාගන්නෙත් මේ කියන Atmega කියන චිප් එකම තමයි. මම මේ
ගැන මුලික දේවල් ටිකක් කියල දෙන්නම් තවත් වැඩිදුර විස්තර ඔයාලට Google පිහිටෙන්
හොයාගන්න පුළුවන් ලේසියෙන්ම...
හොදයි.. එහෙනම් අපි පටන් ගමු... ඔයාලට
Atmega Programming පටන් ගන්න මුලික Hardware වගේම Software කිහිපයක් ඕනි...
මුලින්ම මම Hardwares ගැන කියල ඉන්නම්..
- Atmega Development Board එකක්..
මේක නම් අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි...
ඔයාලට Atmega Chip එකේ pin config එක බලාගත්තම මේක bread board එකේ ගහල වැඩේ
කරගන්න පුළුවන්... එත් වැඩේ ටිකක් කරදරයි වගේම පොඩි risk එකක් තියනවා. පොඩි හරි
අග්‍ර මාරුවක් වුනොත් චිප් එක පිච්චෙන්න පුළුවන්... development board එකේ ඒවා
වලක්වන්න ක්‍රම යොදල තියන නිසා මං නම් recommand කරන්නේ development board එකක්
පාවිච්චි කරන්න කියල...
මේ යට තියෙන්නේ bread board එකේ නිකන්ම
ගහල කරපු එකක්...
මේ තියෙන්නේ මං පාව්ච්චි කරපු භාණ්ඩේ. මම ගත්තේ Lankatronics ආයතනයෙන් ගහන Aptinex board එක... මේක ටිකක් හොද තත්වයේ එකක්...
බලන්නකෝ Made in Srilanka කියලත් ගහල
තියනවා...
මං නම් ගත්තේ රු. 1250ක් විතර ගානකට... නැත්නම් මේ වගේම ඒවා කොටුවෙන් ගන්න පුළුවන් 500 කට විතර නැත්නම් Ebay එකෙන් ගෙන්නනත් පුළුවන් තවත් අඩුවට....
මං නම් ගත්තේ රු. 1250ක් විතර ගානකට... නැත්නම් මේ වගේම ඒවා කොටුවෙන් ගන්න පුළුවන් 500 කට විතර නැත්නම් Ebay එකෙන් ගෙන්නනත් පුළුවන් තවත් අඩුවට....
මේකට USB-to-ISP කියලත් කියනවා... මේකනම් අත්‍යවශ්‍යම එකක්... මේකන් තමයි චිප් ඒකයි අපේ පරිගණකයයි සම්බන්ධ කරන්නේ... මගේ එකේ නම් තියෙන්නේ 10 pin female ISP Port එකක්... මේකේ 6ක් තියන එකකුත් තියනවා... Bread Board ගහන්න හිතන් ඉන්න අයටත් මේක ගන්න එක වටිනවා. එයාලටත් එක්ක ISP එකේ pin config එක මං යටින් දාන්නම්...
මේකේ Female ISP port එක... development board එකේ ISP port එකට ගහන්න පුළුවන්...
මේක ගන්න තැනුත් මම කියන්නම්... මේක
ලංකාවෙන් ගන්නවා නම් රු 500ත් 700ත් අතර
මිලක් වෙනවා... කොටුවෙත් තියනවා. Lankatronics ලගේත් තියනවා.
එත් මගේ එකනම් මම Ebay එකෙන් ගෙන්නුවේ මට ගියේ නම් රු 170යි. ඔයාලට කැමති විදියක් කරන්න.
එත් මගේ එකනම් මම Ebay එකෙන් ගෙන්නුවේ මට ගියේ නම් රු 170යි. ඔයාලට කැමති විදියක් කරන්න.
මේක නැතුවනම් ඉතින් ඔය මොකක් තිබුනත්
වැඩක් නෑ. අපි කරන ප්‍රෝග්‍රෑම් ඔක්කොම වැඩ කරන්නේ මේකෙන් තමයි... මම නම් ගත්තේ
Atmega16A කියන චිප් එක... ඔයාල කරන වැඩේට ගැලපෙන විදියට ඔයාලට චිප් එකක් තෝරාගන්න
පුළුවන්... මේකනම් ඉතින් වැඩි ගානක් නෑ.. මටනම් මේක development board එකත් එක්ක
Free හම්බවුනා..
පාවිච්චි කරනවා නම් තවත් හොද වැඩ ගොඩක් කරගන්න පුළුවන් චිප් එකක් තමයි Atmega32A එක... ඒකත් රු 300ක් 400ක් වගේ වෙන්නේ... Ebay ගෙන්නනවා නම් තවත් අඩුවට ගන්න පුළුවන්.
![]() |
| Atmega 16/32 Pin Configuration |
පාවිච්චි කරනවා නම් තවත් හොද වැඩ ගොඩක් කරගන්න පුළුවන් චිප් එකක් තමයි Atmega32A එක... ඒකත් රු 300ක් 400ක් වගේ වෙන්නේ... Ebay ගෙන්නනවා නම් තවත් අඩුවට ගන්න පුළුවන්.
අපි කරන වැඩ circuit පාස්සන්නේ නැතුව
කරගන්න bread board වලින් පුළුවන් එකක් 150ක් 200ක් වගේ වෙන්නේ ඒ නිසා ඒවා දෙකක්
තුනක් අරගන්න...
අපේ පරිපථ සම්පූර්ණ කරන්නේ මේ වයර්
වලින් එකේ වර්ග කිහිපයක් තියනවා ප්‍රධාන වශයෙන් දෙකක් වැදගත් වෙනව·
- Male to Male Jumper Wires
- Male to Female Jumper Wires
මේ
දෙකෙන්ම 40ක් ගානේ වගේ අරන් තියාගන්න. 40ක්ම රු 150ක් වගේ වෙන්නේ කොටුවේ නම්.
- තව ඉතින් LED, Resistors වගේ ඒවා...
Resistors ගන්නවා නම් ඕම් 470 වගේ
ගන්න... තව Servo Motors වගේ ඒවා ගැන මම පාඩම් අතර කියන්නම්...
ඔච්චරයී මුලිකවම Atmel Programming
ඉගෙනගන්න ඕනි කරන්නේ... තව Softwares කිහිපයකුත් ඕනි වෙනවා.
- Atmel Studio 7 or 6
Atmel වලට අදාළ code ලියන්නේ මේකේ
තමයි... අපි ලියන files චිප් එකේ save වෙන්නේ hex file එකක් විදියට... Atmel
Studio වලින් අපිට hex file හදල දෙනවා. තව
දෙයක් Atmel වල යොදාගෙන තියෙන්නේ C කියන පරිගණක භාෂාව ඒ නිසා එක ගැන පොඩි දැනුමක්
තියෙන්න ඕනි... ඒ අදාළ Compile වීම් එහෙම පාලනය කරන්නේ Atmel Studio වලින් තමයි...
එක මෙතනින් Download කරගන්න පුළුවන්...
- WinAVR
මේකත් Download කරගෙන Install කරගන්න
වෙනවා.
මෙතනින් Download කරගන්න...
- USBasp Drivers
USBasp එකට අලුත් windows වල drivers
නෑ... ඒ නිසා අපිට manual drivers install කරන්න වෙනවා. ඒක ගැන මම ඊළඟ කොටසේදී
කියල දෙන්නම්...
එහෙනම් අදට එච්චරයි... මේ වැඩ ටික
Ready කරගන්නකො... Atmel Programming වලට අපේ පරිගණකය කොහොමද සුදානම් කරගන්නේ කියල
මම ඊළඟ පාඩමෙන් කියල දෙන්නම්...
ඔයාලට මේ ගැන මොනවහරි ප්‍රශ්නයක්
තියනවා නම් අනිවා comment එකක් දාන්න.. වැඩේ හොදයිනම් ඒවත් කියන්න...













No comments:
Post a Comment